Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වත්මන් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක්

වත්මන් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක්

වත්මන් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක්

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබේ.

අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාල සේවා දිගුව ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කරන වත්මන් යුද හමුදාපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් 31වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 25වැනි යුද හමුදාපතිවරයා ලෙස එම ධුරයේ රාජකාරී ආරම්භ කළා.

යුද හමුදාපති ධුරයේ රාජකාරී භාර ගැනීමට ප්‍රථම ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරය හොඹවනු ලැබුවා.

කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා වර්ෂ 1989 ජනවාරී මස 20 වැනිදා කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වුණා.

Exit mobile version