Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

RMV අසළ අල්ලස් ගැනීමට උත්සාහ කළ තැරැව්කරුවෙකු අත්අඩංගුවට

RMV අසළ අල්ලස් ගැනීමට උත්සාහ කළ තැරැව්කරුවෙකු අත්අඩංගුවට

RMV අසළ අල්ලස් ගැනීමට උත්සාහ කළ තැරැව්කරුවෙකු අත්අඩංගුවට

නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ දී අල්ලස් ලබාගැනීමට තැත් කළ තැරැව්කරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොමිසම විසින් සිදුකරන ලද වැටලීමකදි රුපියල් 10,000ක අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධව මෙම තැරැව්කරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

යතුරුපැදියක අනු ලියාපදිංචි සහතිකය, මුල් ලියාපදිංචි සහතිකය ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මගින් සංශෝධනය කරවා දීම සඳහා සැකකරු රුපියල් 30,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.

එම මුදලින් ලේඛණ භාරගත් අවස්ථාවේදී අතිකාරම් මුදල් වශයෙන් රුපියල් 10,000ක මුදලක් ලබා ගැනීමේදී එම කාර්යාලයට යාබද ගජබා මාවතෙහි කඩ කාමරයක් තුළදී මෙම තැරැව්කරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version