ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සමාන්‍ය වැසියන් 71 දෙනෙකු ඝාතනයට පත්ව තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ඝාතනයට පත්වු 71 දෙනා අතරට ආධාර ලබාගැනීම සඳහා පෝලිම්වල රැදී සිටි සාමාන්‍ය වැසියන් 42නෙකුද අයත්.
මේ අතර දෙපාර්ශ්වය අතර යුද ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා මන්දපෝෂණය හේතුවෙන් 127 දෙනෙකු ඝාතනයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අතරට කුඩා දරුවන් 85 දෙනෙකුද අයත්.
මේ අතර ගාසා තිරයේ ප්‍රදේශ කිහිපයක යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවන බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ.
ආධාර බෙදා හැරීම සඳහා කොරිඩෝ නිර්මාණය කිරීමේ අරමුණින් එය සිදුකරන බවයි ඊශ්‍රායලය පවසන්නේ.