Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපති අනුර කුමාර දිසානායක තෙදින නිල සංචාරයකට 28වනදා මාලදිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක තෙදින නිල සංචාරයකට 28වනදා මාලදිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක තෙදින නිල සංචාරයකට 28වනදා මාලදිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 28වන සඳුදා මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරතවන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කරයි.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිතයි.

එමෙන්ම මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීම සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමටද නියමිතයි.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගිවීමට නියමිතව තිබේ.

Exit mobile version