Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාම්පූර්හි හමු වූ මිනිස් අස්ථි ගැන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට නියෝගයක්

සාම්පූර්හි හමු වූ මිනිස් අස්ථි ගැන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට නියෝගයක්

සාම්පූර්හි හමු වූ මිනිස් අස්ථි ගැන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට නියෝගයක්

සාම්පූර් නැගෙනහිර ළමා උද්‍යානයේ ඉදිරිපිට භූමියේ බිම් බෝම්බ ඉවත් කරද්දී හමු වූ මිනිස් හිස් කබල හා අස්ථි කොටස් සම්බන්ධයෙන් ඊයේ දින (23) ස්ථානීය පරීක්ෂණය සිදු කළ මූතූර් මහේස්ත්‍රාත් තස්ලිම් මොහොමඩ් පවුසාන් මහත්මිය හමුවූ අස්ථි කොටස් කුමන කාලවකවානුවකට අයත්දැයි පරීක්ෂා කර ලබන 30දාට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ස්ථානීය පරීක්ෂණයට සහභාගි වූ ත්‍රිකුණාමල අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල නිලධාරීන්ට නියෝගයක් ලබාදෙමින් මහේස්ත්‍රාත්වරිය පැවසුවේ බිම් බෝම්බ ඉවත් කරන සංවිධානයේ ආරක්ෂාකාරී උපදෙස් අනුගමනය කරමින් අස්ථි කොටස් හමු ස්ථානය පරීක්ෂා කර වැඩිදුර වාර්තාවක් ලබා දෙන ලෙසයි.

එතෙක් මෙම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළ අතර අදාල බිම් බෝම්බ ඉවත් කිරීම ලබන 30 වනදා දක්වා තාවකාලිකව නවත්වන ලෙස නියම කළාය. සාම්පූර් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.පී. දිනේෂ් චන්ද්‍රසිරි මහතා මෙම අස්ථි කොටස් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ බී වාර්තාවක් සැලකිල්ලට ගෙන මෙම නියෝග නිකුත් කෙරිණි. ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටීයහ.

Exit mobile version