Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සයිබර් මූල්‍ය අපරාධවලට සම්බන්ධ චීන ජාතිකයෙකු මෙරටින් පිටුවහල් කෙරේ

සයිබර් මූල්‍ය අපරාධවලට සම්බන්ධ චීන ජාතිකයෙකු මෙරටින් පිටුවහල් කරයි

සයිබර් මූල්‍ය අපරාධවලට සම්බන්ධ චීන ජාතිකයෙකු මෙරටින් පිටුවහල් කරයි

සයිබර් මූල්‍ය වංචා ජාලයකට සම්බන්ධ යැයි සැක කෙරෙන චීන ජාතික ගුවන් මඟියෙකු, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී, ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අද දින (24) ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම 28 හැවිරිදි පුද්ගලයා ඊයේ දින (23) සවස 05.10ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පරිගණක උපාංග විශාල ප්‍රමාණයක්ද රැගෙන පැමිණි මොහු පිළිබඳ ඇති වූ සැකය මත ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්ණ කිරීම්වලදී, ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙකු හමුවීමට තමා පැමිණි බව පවසා තිබේ.

තවදුරටත් ප්‍රශ්ණ කිරීමේදී ජාත්‍යන්තර සයිබර් මූල්‍ය වංචා ජාලයක සුලමුළ අනාවරණය වීමත් සමඟ, මොහු අත්අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කිරීම සදහා ඔහු පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Exit mobile version