Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසියාවේ මගී ගුවන් අනතුරක්; 49ක් ජිවිතක්ෂයට

රුසියාවේ මගී ගුවන් අනතුරක්; 49ක් මරුට

රුසියාවේ මගී ගුවන් අනතුරක්; 49ක් මරුට

රේඩාර් පද්ධතියෙන් ගිලිහී තිබූ රුසියානු මගී ගුවන් යානයක සුන්බුන්, චීන – රුසියා දේශසීමාවේදී සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගුවන් අනතුරින් දිවි බේරාගත් කිසිවකු හෝ පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.

අතුරුදන් වූ මෙම ගුවන් යානයේ මගීන් 49 දෙනෙකු සිට ඇති අතර සියලු දෙනාම මියගොස් ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන RIA Novosti වාර්තා පළකරමින් කියා සිටින්නේ, යානයේ ගමනාන්තයට කි.මී. 15ක පමණ දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක දී මෙසේ යානයේ සුන්බුන් සොයාගැනීමට හැකිවී ඇති බවයි.

රුසියාවේ Tynda වෙත ගමන් ආරම්භ කර නැගෙනහිර රුසියාවේ Amur කලාපයේ දී රේඩාර් පද්ධතියෙන් මෙම යානය අතුරුදහන්ව තිබේ.

Exit mobile version