Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට

යතුරුපැදි 21ක් නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ කුරුලු උයනේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට

යතුරුපැදි 21ක් නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ කුරුලු උයනේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සම්බන්ධ සිදුවීමට අදාළව හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරු එළැඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සැකකරුව අද (17) උදෑසන නාරාහේන්පිට ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පසුගියදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගනු ලැබීය.

පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වැඩි බවය.

Exit mobile version