Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වනඅලින්ට වෙඩිතැබීම් සහ අනවසර විදුලි වැට ඉදිකිරීම්වලට එරෙහිව නීති දැඩි කෙරේ

වනඅලින්ට වෙඩිතැබීම් සහ අනවසර විදුලි වැට ඉදිකිරීම්වලට එරෙහිව නීති දැඩි කෙරේ

වනඅලින්ට වෙඩිතැබීම් සහ අනවසර විදුලි වැට ඉදිකිරීම්වලට එරෙහිව නීති දැඩි කෙරේ

වනඅලින්ට වෙඩි තැබීම්වලට විරුද්ධව නීති දැඩි කිරීමේ අරමුණෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අද (15) දින පස්වරුවේ පරිසර අමාත්‍යංශයේ දී පැවැත්විණි.

ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

වනඅලින්ට සිදුවන වෙඩි තැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වනජීවී දෙපාර්තමේන්තුව වෙත කරුණු වාර්තා වෙන අතර වනඅලින්ට සිදු කරන වෙඩි තැබීම්වලට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස පරිසර අමාත්‍යවරයා විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

විශේෂයෙන් පුද්ගලික ඉඩම් කේනද්‍ර කරගනිමින් නීති විරෝධී ලෙස ඉදිකර ඇති විදුලි වැටවල් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් වනසතුන් ඝාතනය කිරීමේ නීති යාවත්කාලීන කරමින් වරදකරුවන් වෙත දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන ලදී.

අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා ගැනීම සඳහා මේ වන විට පරිසර අමාත්‍යංශය, වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සාධනීය විසඳුම් ලබා ලබා ගනිමින් පවතින අතර අලිමිනිස් ගැටුම් ප්‍රබල දිස්ත්‍රික්කයන් තෝරාගනිමින් අලි වැට ඉදිකිරීම් කටයුතු සිදු වේ.

එහි නඩත්තු කටයුතු සඳහා බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීම සිදු කළ අතර සිවිල් ආරක්ෂක භටයන්ගේ සහායද ඉදිරියේ දී ලබා ගැනීමට නියමිත බැවින් වනඅලින්ට සිදුවන වෙඩිතැබීම් අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී සාකච්ඡා විය.

මේ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට කටයුතු කරන බව වනජීවී දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙන ලදී.

Exit mobile version