ශ්‍රි සෝභිත නාහිමිගම නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභී අයිතියට පැවරීම අද දින (12) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව, ඇල්පත්ගම දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙහිදී නිවාස ව්‍යාපෘතියට අදාල නිවාස 115ක් ජනතාවට ප්‍රදානය කිරීම සිදු කල අතර මෙම ව්‍යාපෘතිය අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනම, වත්මන් රජයේ මැදිහත් වීමෙන් සහ ඉන්දියානු රජයේ ආධාර ඇතිව සිදු කර ඇත.
එහිදී සමරු ඵලකය විවෘත කල අග්‍රාමාත්‍යතුමිය නිවාසලාභීන් තිදෙනෙකු සදහා සංකේතාත්මකව නිවාසවල යතුරු භාර දෙන ලදී. එමෙන්ම අග්‍රාමාත්‍යතුමිය අතින් විහාර භූමිය තුළ පැලයක්ද රෝපණය කළාය.
මෙහිදී උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය,
“පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ජීවත්ව සිටින කාලයේ මෙම ගම්මානය වෙනුවෙන් විශේෂ කැපකිරීමක් සිදුකළා. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි අනුස්මරණ පදනම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ රජයන් සමග සාකච්ඡා කරල මේ ගම්මානයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න ගත්ත උත්සාහය අපි අගය කරනවා.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේව මට කුඩා කාලයේ ඉඳන්ම සමීපව ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුණා. මම බුද්ධ ධර්මය ගැන ඉගෙන ගත්තේ අපේ සෝභිත හාමුදුරුවන්ගෙන්. අසාධාරණයට, අයුක්තියට එරෙහිව නැගී සිටින්න ඕනේ සටන් කරන්න ඕනි කියලා මම ඉගෙන ගත්තේ උන්වහන්සේගෙන්.
භෞතිකව ආර්ථිකය, දියුණු කරනවා වගේම දරුවන්ගේ අනාගතය හදන වැඩ පිළිවෙලක අපි මේ වන විට නිරත වෙලා ඉන්නවා. ඒ අනුව අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ඔවුන්ව මේ රටේ ඊළඟ නායකත්වයට සුදුසු විදිහට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දෙනවා.” යැයි අග්‍රාමාත්‍යවරියය පැවසීය.