Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සනීපාරක්ෂක තුවා බෙදාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සනීපාරක්ෂක තුවා බෙදාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සනීපාරක්ෂක තුවා බෙදාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මඟින් දැනුම් දී ඇත්තේ, පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන මෙම වසරේ දී ක්‍රියාත්මක කරනු ලබන්නේ පාසල වෙත පැමිණෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති SLS – 1732/2022 සහතිකය ලද වෙළඳ ආයතන 4ක් මඟින් පමණක් බවයි.

ඒ අනුව, අදාළ ආයතන පාසල් වෙතම පැමිණ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා පැකට් ලබා දෙන බැවින්, එම ආයතන හැර වෙනත් කිසිදු ආයතනයකින් සනීපාරක්ෂක තුවා මිළදී ගත නොහැකි බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Exit mobile version