Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා තීරයට ඊශ්‍රායල බෝම්බ හෙලීම තීව්‍ර කරයි

ගාසා තීරයට ඊශ්‍රායල බෝම්බ හෙලීම තීව්‍ර කරයි

ගාසා තීරයට ඊශ්‍රායල බෝම්බ හෙලීම තීව්‍ර කරයි

ගාසා තීරයට ඊශ්‍රායල බෝම්බ හෙලීම තවදුරටත් තීව්‍ර කිරීමත් සමග ඊයේ දින (03) එල්ල කෙරුණු ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 69 දෙනෙකු ඝාතනයට පත්ව තිබේ.

හමාස් පාලනය විසින් පවත්වාගෙන යනු ලබන සිවිල් ආරක්ෂක ඒජන්සියට අනුව ගාසා නගරයේ අවතැන් පවුල් නවාතැන් ගෙන සිටි පාසලකටද ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව සඳහන්.

ප්‍රහාර හමුවේ 15 දෙනෙකු ඝාතනයට පත්ව ඇති අතර, ඉන් බොහෝ පිරිසක් කුඩා දරුවන් බව වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ එහි රැදී සිටින බවට අනුමාන කෙරුණු ප්‍රධාන හමාස් ක්‍රියාකාරියෙකු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය සිදුකළ බවයි.

මේ අතර, ආහාර ආධාර ලබාගැනීම සඳහා එම මධ්‍යස්ථානයෙහි පෝලිමේ රැදී සිටි පලස්තීන වැසියන් ඉලක්ක කර එල්ල කෙරුණු ඊශ්‍රයල ප්‍රහාර හමුවේ 38 දෙනෙකු ඝාතනයට පත්ව ඇති බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, ඊශ්‍රායල හමුදාව පවසන්නේ එම තොරතුරු සාවද්‍ය බවයි. කෙසේවුවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරනු ලැබු ගාසා තීරයේ දින 60 ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය පසුගියදා එකඟතාවය පළකළේය.

එහිදි ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ හමාස් සංවිධානය කොන්දේසි විරහිතව සටන් විරාම ගිවිසුමට එකඟ වියයුතු අතර, එසේ නොවුනහොත් තත්වය නරක අතට හැරෙනු ඇති බවයි.

ඒ අනුව, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු ගිවිසුමත් සමග දෙපාර්ශ්වය අතර හටගෙන ඇති පීඩනය හමුවේ මෙම ප්‍රහාර තීව්‍ර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Exit mobile version