Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කෙරේ

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර (2025) සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය මේ වනවිට නිකුත් කර තිබේ.

අදාළ නාමලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කර ඇත.

එමෙන්ම www.wbb.gov.lk යන සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙඩ් අඩවියේද එම නාමලේඛනය පළ කර තිබේ.

දෙවන අදියරේ තොරතුරු එක්රැස් කිරීමේදී ලබාදී ඇති තොරතුරුවල යම් වැරැද්දක්, වෙනස්කමක් තිබෙන බවට හැඟී යන සහ සුදුසුකම්ලාභින්ගේ නම් ලැයිස්තුවේ තමාගේ නම සඳහන් වී නොමැති අයදුම්කරුවන්ට අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිය.

අස්වැසුම 2 අදියර සඳහා මූලික අයදුම්පතක් ඉදිරිපත් කළද නිවාස තොරතුරු එක්රැස් කිරීමට රජයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු තම නිවසට නොපැමිණියේ නම් එවැනි අයදුම්කරුවන්ටද අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

අභියාචනා ගොනු කිරීමට පෙර සියලුම අභියාචනාකරුවන් නිවාස තොරතුරු එක් රැස් කිරීමේදී තම පවුල පිළිබඳ ලබාදුන් තොරතුරු IWMS දත්ත පද්ධතියට පිවිස නිරීක්ෂණය කළ යුතුය.

අභියාචනාකරුවන්ට/ විරෝධතා ඉදිරිපත් කරන්නන්ට www.wbb.gov.lk නිල වෙබ් අඩවියට පිවිස අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ මෙනුවට ඇතුළත් වී මාර්ගගත ආකාරයට තමා විසින්ම අභියාචනා / විරෝධතා ඉදිරිපත් කළ හැකිය.

මාර්ගගත ක්‍රමයට අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේදී අයදුම්කරුවන්ට තමා අයත් ප්‍රදේශයේ විදාතා සම්පත් මධ්‍යස්ථානවල සහායද ලබාගැනීමට හැකියාව තිබේ.

Exit mobile version