Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

USAID ආධාර කප්පාදුවෙන් ලොව පුරා මරණ මිලියන 14ක් සිදුවිය හැකිය

USAID ආධාර කප්පාදුවෙන් ලොව පුරා මරණ මිලියන 14ක් සිදුවිය හෙකියි

USAID ආධාර කප්පාදුවෙන් ලොව පුරා මරණ මිලියන 14ක් සිදුවිය හෙකියි

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ආධාර කප්පාදුව හේතුවෙන් ලොව පුරා මරණ මිලියන 14ක් පමණ සිදුවිය හැකි බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකා ඒජන්සිය හෝ යූ එස් ඒඩ් ආයතනය සිදුකරන වැඩසටහන් සඳහා ලබාදෙන ආධාරයන්ගෙන් 80%ක ප්‍රමාණයක් අවලංගු කරන බව පසුගිය මාර්තු මාසයේ දී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළා.

ඒ හේතුවෙන් 2030 වසර වන විට ලොවපුරා මිලියන 14කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ අවධානමක් මතුව තිබෙන බවයි අදාළ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

එම මරණ මිලියන 14න් තුනෙන් එකක් නොමේරු ළදරු මරණ බවද එහි දැක්වෙනවා.

පසුගියදා ස්පාඤ්ඤයේ පැවති ජගත් සංවිධානයේ ආධාර සමුළුවේ දී මෙම වාර්තාව එළිදැක්වුණු අතර රටවල් 133ක දත්තයන්ද මෙහිදි නිකුත් කෙරුණා.

එම දත්තයන්ට අනුව 2001 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළ දී ඇමෙරිකා ආධාර හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මරණ මිලියන 91ක් වැළකී ඇති බවයි අනාවරණය වුයේ.

Exit mobile version