Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ධීවර සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට

ධීවර සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට

ධීවර සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතාව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම සහ විත්තිය නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළව ඒ මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඉල්ලුම් නොකරන ලද ව්‍යාපෘති යෝජනාවක් (Unsolicited Proposal) ලෙස ධීවර වරායවල වැලි කැණීම් කර එම වැලි ශුද්ධකර දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වා ගෙන යාම සඳහා Seo Woo Co.Ltd නැමැති කොරියානු සමාගමක් යොමු කළ ව්‍යාපෘති වාර්තාවක් සම්බන්ධයෙන් නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර අනුමැතිය ලබා දී අවිධිමත්ව ගිවිසුම් ගතව පසුව ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ වැලිගොව්වා නැමැති කැණීම් යාත්‍රාවද එම සමාගමට අවිධිමත් අන්දමට බදු දී තිබේ.

ඒ තුළින් රු. 26,230,498.62ක පාඩුවක් සිදු කිරීමෙන් ‘දූෂණය’ නැමැති වරද සිදු කිරීම යන චෝදනාව යටතේ සිදු වන විමර්ශන වලට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version