ගාසා තීරය තුළ හැකි ඉක්මනින් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස යුරෝපා සංගමය ඊශ්‍රායලයට දැනුම් දී තිබේ.
යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් විසිහතේ රාජ්‍ය නායකයින් බෙලරූස් රාජ්‍යයේදී හමුවූ අවස්ථාවේ මැදපෙරදිග යුද ගැටුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී ඔවුන් පැමිණි එකගතාවකට අනුව ගාසා තීරය තුළ වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ යුතු බවයි ඊශ්‍රායලයට දැනුම් දී ඇත්තේ.
හමාස් සංවිධානය භාරයේ පසුවන සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හරහා ගැටුම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට හැකි බවද ඔවුන් පෙන්වා දේ.
මේ අතර පසුගිය මාසය තුළදී පමණක් ගාසා තීරයේ ආධාර බෙදාහරින මධ්‍යස්ථානයන් අසල රැඳී සිටි 549 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සහන කණ්ඩායම් පවසයි.
තුවාල ලබා ඇති සංඛ්‍යාව 4,066ක්.
එමෙන්ම පසුගිය පැය 24 තුළදී පමණක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන සාමාන්‍ය වැසියන් හැත්තෑ දෙදෙනෙකු ද ඝාතනයට පත්ව ඇති බවද සඳහන්.