Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නවක වදය වළක්වන්න ජාතික කාර්ය සාධක බලකායක්

නවක වදය වළක්වන්න ජාතික කාර්ය සාධක බලකායක්

නවක වදය වළක්වන්න ජාතික කාර්ය සාධක බලකායක්

විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවකවදය/හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ජාතික කාර්ය සාධක බලකායක් පත්කර තිබේ.

අධ්‍යාපන/උසස් අධ්‍යාපන/වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය/අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා විසින් මෙම කාර්ය සාධක බලකාය පත්කරනු ලැබ ඇත.

ඒ මැයි මස 14 වනදා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදී එළඹුනු තීරණවලට අනුව.

විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය තුරන් කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක්.

ශිෂ්‍යයන් වෙත සිසුන්ගෙන්/ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශව හරහා සිදුවන සියලු ආකාරයේ හිංසන මෙන්ම එම පාර්ශවවලින් ආචාර්යවරුන්ට හා අනධ්‍යන සේවකයන්ට සිදුවන හිංසන නතර කිරීමත් මෙම කාර්ය සාධක බලකායේ අරමුණ වී තිබේ..

Exit mobile version