Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් දිවයිනට

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් දිවයිනට

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් දිවයිනට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද දිනයේ (23) දිවයිනට පැමිණ තිබෙනවා.

දිවයිනට පැමිණි ඒ මහතා එළැඹෙන 26 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන අතර ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද හමුවීමටද නියමිතයි.

එමෙන්ම විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකුද හමුවීමට නියමිතයි.

මෙරට මානව හිමිකම් කොමිසම සමගද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගේ සංචාරය අතරතුර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමටත් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හී මහනාහිමිවරුන් බැහැදැකීමටත් නියමිත බව සඳහන් වේ.

මීට අමතරව යාපනය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමටද සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

Exit mobile version