Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අදාළව පළමු වටයේ ගිවිසුම් අත්සන් කරයි

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අදාළව පළමු වටයේ ගිවිසුම් අත්සන් කරයි

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අදාළව පළමු වටයේ ගිවිසුම් අත්සන් කරයි

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මඟින් ශ්‍රී ලාංකේය ලේඛක ප්‍රජාව වෙත තම කෘති මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කර ගැනීමට අනුග්‍රහය දැක්වීම මූලික අරමුණ සහිතව ආරම්භ කරන ලද ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සඳහා 2025 වර්ෂයට අදාළ පළමු වටයේ ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී සිදුවිය.

එහි දී ශාස්ත්‍රීය කෘති 3ක්, කෙටිකතා කෘති 2ක්, ළමා කෘති 08ක් සහ යොවුන් සාහිත්‍ය ශානරය යටතේ කෘති 3ක් වෙනුවෙන් අත්පිටපත් අත්සන් කිරීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා ඉදිරියේ දී සිදුවිය.

මෙම අවස්ථාව සඳහා එක්වූ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා කියා සිටියේ වසර 3කට පසු නැවත වරක් ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සක්‍රීයව ක්‍රියාත්මක කර ගුණාත්මත අත්පිටපත් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියේ 2025 වර්ෂයට අදාළව පළමු අදියර යටතේ මෙම අත්පිටපත් සඳහා ගිවිසුම් අත්සන් කිරීම සිදු වූ අතර තෝරාගත් අත්පිටපත් කිහිපයකට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතය. එසේම 2026 වර්ෂයට අදාළව ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම මෙම වසර අවසාන කාර්තුවේ දී සිදු කිරීමටද ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය බලාපොරොත්තු වේ.

Exit mobile version