Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 ICC ටෙස්ට් ලෝක ශූරතාවය දකුණු අප්‍රිකාවට

2025 ICC ටෙස්ට් ලෝක ශූරතාවය දකුණු අප්‍රිකාවට

2025 ICC ටෙස්ට් ලෝක ශූරතාවය දකුණු අප්‍රිකාවට

2025 ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් වුණා.

ඒ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්.

ඊයේ (13) සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාවට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 282 ක ඉලක්කයක් හිමි වී තිබුණු අතර, තෙවන දිනය සඳහා ඊයේ දින (13) තරගය නතර කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 213ක් ලබා සිටියා.

අද (14) සිව්වන දිනයේදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ලකුණු 282ක ඉලක්කය සපුරාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම 2025 ටෙස්ට් ලෝක ශූරතාවය හිමි කර ගැනීමට සමත් වුණා.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවෙනි ඉනිම වෙනුවෙන් විශිෂ්ට ශතකයක් වාර්තා කළ Aiden Markram ලකුණු 136ක් ලබා ගත් අතර, නායක Temba Bavuma ලකුණු 66ක් ලබා ගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 212ක් ලබා ගත්තා‍.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 138ක් ලබා ගැනීමට සමත් වූ අතර, එහිදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ David Bedingham ලකුණු 45ක් ලබාගත්තා.

යළිත් සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 207 ක් ලබාගත් අතර, පන්දුවට පහරදීමේදී Mitchell Starc ලකුණු 58ක් හා Alex Carey ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට සිය දෙවන ඉනිමේදී ලකුණු 282ක ඉලක්කයක් හිමිවුණා.

Exit mobile version