Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක්

ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක්

ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක්

අමෙරිකානු හමුදාව, ලොස් ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක් යොදවන බවට තහවුරු කර තිබේ.

ඒ ෆෙඩරල් නිලධාරීන් හා දේපළ ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇති 51වැනි කාර්ය සාධක බලකායට සහාය වීම සඳහායි.

සංක්‍රමණික විරෝධතා හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ. ලෝස් ඇන්ජලීස් නුවරට ආරක්ෂක භටයින් 2,000ක් යෙදවිමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝග කර තිබුණි.

ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ආරක්ෂාව වැඩි කිරිම සඳහා ආරක්ෂක අංශ යෙදවිමට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුවයි.

ජනපතිවරයා පැවසුවේ ආරක්ෂක භටයින් යෙදවීමට වැදගත් තීරණයක් ගත් බවත් එසේ නොකළේ නම්, ලොස් ඇන්ජලීස් සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩ තිබූ බවයි.

ලොස් ඇන්ජලීස් වෙත ආරක්ෂක භටයින් යෙදවීම සම්බන්ධයෙන් කැලිෆෝනියාවේ නීතිපති රොබ් බොන්ටා සහ ආණ්ඩුකාර ගැවින් නිව්සම් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නීතිපතිවරයා පැවසුවේ මෙය ෆෙඩරල් රජයේ අධිකාරිය ඉක්මවා යාමක් බවයි.

Exit mobile version