Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීමට අතිරේක ලේකම්වරයෙක්

බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබේ.

එලෙස පත් කර ඇත්තේ, දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර නිශාන් ධනසිංහ මහතාය.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අනිවාර්ය නිවාඩු යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

ඒ අද (09) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුවය.

Exit mobile version