Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට වැඩ තහනමක්; අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රිමාන්ඩ්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට වැඩ තහනමක්; අනුරාධපුර බන්ධනාගාර අධිකාරීට රිමාන්ඩ්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට වැඩ තහනමක්; අනුරාධපුර බන්ධනාගාර අධිකාරීට රිමාන්ඩ්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩතහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

අද දින(09) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන තිබුණි.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා මේ මස 11වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහුව අද දින(09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේ මෙහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින (08) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණි.

Exit mobile version