Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිසියට තර්ජනය කළ රූපලාවන්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ට බැන, තර්ජනය කළ බව කියන රූපලාවණ්‍යාගාර ශිල්පිණියක් ඊයේ දින (06) අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසනවා.

පොලිසිය පවසා සිටියේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක් බවයි.

වඳුරඹ පොලිසියට වාර්තා වූ පැමිණිල්ලක් මත සැකකරු ඔහුගේ මිතුරෙකුගේ නිවසේ සිටින බවට වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගිය අවස්ථාවේදී සැකකාර කාන්තාව නිලධාරීන්ට සාපරාදී බලහත්කාරය පා ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු ක‍රනු ඇත.

Exit mobile version