Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 31 දෙනෙක් මිය යයි

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 31ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 31ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන සාමාන්‍ය වැසියන් 31 දෙනෙකු ඝාතනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය යුද ටැංකි ගාසාවේ ආධාර බෙදාහරින මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

එම ප්‍රහාරයේනුයි මෙම සාමාන්‍ය වැසියන් පිරිස ඝාතනයට පත්ව ඇත්තේ.

ප්‍රහාරයෙන් තවත් සාමාන්‍ය වැසියන් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව රතු කුරුස සංවිධානය පවසනවා.

කෙසේ වුවද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවයි ඊශ්‍රායලය ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

දෙපාර්ශ්වය අතර මාස දෙකක් පුරා පැවති සටන් විරාමය බිඳ වැටීමත් සමග පසුගිය මාර්තු 18 වනදා හමාස් සංවිධානයට එරෙහි යුද මෙහෙයුම් ඊශ්‍රායලය යළි ආරම්භ කර ඇත.

Exit mobile version