Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රැකියා සඳහා විදේශ ගතවීමේදී අලුත් නීතියක්

රැකියා සඳහා විදේශ ගතවීමේදී අලුත් නීතියක්

රැකියා සඳහා විදේශ ගතවීමේදී අලුත් නීතියක්

ගෘහස්ථ නොවන රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් සහතික කිරීම අනිවාර්ය කර තිබේ.

ගෘහස්ථ නොවන රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව කරුණු සොයාබැලීමෙන් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා දූත මණ්ඩල නොමැති රටවල රැකියා සඳහා අදාළ රැකියා ගිවිසුම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය, ගුවන් තොටුපොල ඒකකය හෝ දිස්ත්‍රික් කාර්යාල මගින් අනුමත කරගත යුතු බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

ඒ අනුව 2025 ජූනි 07 දින සිට ගෘහස්ථ නොවන කාණ්ඩයේ සියළුම රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා අදාළ රැකියා ගිවිසුම සහතික කිරීම අනිවාර්ය වන අතර කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා පූර්ව අවශ්‍යතාවයක් වනු ඇති.

Exit mobile version