නාවික හමුදා භාරයට ගත් යාත්‍රා දෙකෙහි හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 778ක ප්‍රමාණයක් පවතින බව නාවික හමුදාව පවසයි.
එහි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 275ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 503ක් පවතින බව නාවික හමුදාව සදහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා සමග යාත්‍රා දෙක අද දින (28) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ අතර වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදු කරයි.
අදාළ ධීවර යාත්‍රා දෙක නාවික හමුදා භාරයට ගැණුනේ දකුණු මුහුදේදී ඊයේ (27) සිදුකළ මෙහෙයුමකදීය.