Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට විශේෂ ආධාරක උපකරණ ගැනීමේ ආධාර මුදල් වැඩි කෙරේ

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට විශේෂ ආධාරක උපකරණ ගැනීමේ ආධාර මුදල් වැඩි කරයි

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට විශේෂ ආධාරක උපකරණ ගැනීමේ ආධාර මුදල් වැඩි කරයි

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය විසින් එක් පුද්ගලයෙක් සඳහා ලබාදෙන රුපියල් 20,000/=ක ආධාර මුදල රු.50,000/= දක්වා වැඩිකෙරේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේදී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව මෙම තීරණය ගෙන ඇත.

තවද රාජ්‍ය නිළධාරීන් සඳහා සංඥා භාෂාව අතිරේක විශයක් ලෙස ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම, විශේෂ අවශ්‍යතා සහිත භාවය පිළිබඳ සකස් කරන ලද වර්ගීකරණය සඳහා සභාවේ අනුමැතිය ලබාදීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වෙබ් අඩවි පරිශීලනයට ප්‍රවේශ පහසුකම් සහිතව නිර්මාණය කිරීම, යන තීරණ සභාව විසින් ගනු ලැබීය.

Exit mobile version