Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුවේ වාහන සඳහා තෙල් ගැසිමට ඩිජිටල් කාඩ්පතක්

ආණ්ඩුවේ වාහනවලට තෙල් ගහන්න ඩිජිටල් කාඩ්පතක්

ආණ්ඩුවේ වාහනවලට තෙල් ගහන්න ඩිජිටල් කාඩ්පතක්

රාජ්‍ය ආයතන වාහනවලට ඉන්ධන සැපයීමේදී ගෙවීම් සඳහා මෙතෙක් භාවිත කළ කූපන් ක්‍රමය අහෝසි කර නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

නව කාඩ්පත් ක්‍රමය මාසයක කාලයක් ඇතුළත සියලූ රාජ්‍ය ආයතන සඳහා හඳුන්වා දෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පැවසුවා.

හඳුන්වා දීමට පෙර තෙල් සංස්ථාව කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බවත් අඩුපාඩු සකස් කර ගැනීමෙන් පසු සියලු රාජ්‍ය ආයතන සඳහා එය හඳුන්වා දෙන බවත් ඔහු සඳහන් කළා.

මෙම නව ක්‍රමවේදය පෞද්ගලික ආයතනයන්ටද භාවිත කළ හැකි බව පැවැසූ සභාපතිවරයා මේ සඳහා වූ බැංකු කාඩ්පත ලංකා බැංකුවෙන් නිකුත් කෙරෙන බව කියා සිටියා.

නව කාඩ්පත් ක්‍රමය හඳුන්වා දීමෙන් පසු ඉන්ධන ලබා ගැනීමේදී සිදුවන අක්‍රමිකතා වැළකී යන අතර ම ඉන්ධනහල්වලට දින ගණන් ගත නොවී ඒ අවස්ථාවේදීම ගිණුමට මුදල් බැර වනු ඇති.

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදී කූපන් නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙතෙක් පවත්වාගෙන යනු ලැබූ අංශය වසා දැමෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට ඇතැම් ඉන්ධනහල් විසින් කළ ප්‍රතික්ෂේප කිරීම් ද මෙමගින් මග හැරෙනු ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කර සිටියි.

Exit mobile version