Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුස්ලිම් පාසල් සඳහා නිවාඩු දිනයේ සංශෝධනයක්

මුස්ලිම් පාසල්වලට නිවාඩු දිනයේ සංශෝධනයක්

මුස්ලිම් පාසල්වලට නිවාඩු දිනයේ සංශෝධනයක්

මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය දිනය එළැඹෙන ජුනි මස 07වැනි සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් එළැඹෙන මස 06 සහ 09 වැනි සඳුදා දින සියලුම මුස්ලිම් පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව එම පාසල් නිවාඩු දිනය වෙනුවෙන් මැයි මස 26 සඳුදා සහ මැයි 27වැනි අඟහරුවාදා දින පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

එමෙන්ම 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරය එළැඹෙන මැයි 26වැනි දින ආරම්භ කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

Exit mobile version