Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීමට ඊශ්‍රායලය සූදානම් – අමෙරිකාව

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීමට ඊශ්‍රායලය සූදානම් - අමෙරිකාව

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීමට ඊශ්‍රායලය සූදානම් - අමෙරිකාව

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීමට ඊශ්‍රායලය සූදානම් වන බවට නවතම බුද්ධි තොරතුරුවලින් පෙනී යන බව අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි සීඑන්එන් (CNC)පුවත් සේවය වාර්තා කළේය.

එම බුද්ධි තොරතුරු නිකුත් වී ඇත්තේ න්‍යෂ්ටික අවි සම්බන්ධව මේ වන විට අමෙරිකාව සහ ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ වූ අවස්ථාවකදී බවත් සීඑන්එන් (CNC) පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊශ්‍රායලයෙන් ඉරානයට එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් එය බෙන්ජමින් නෙතන්යාහු සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විරසකයකට හේතු වනු ඇතැයිද වාර්තා වේ. එමෙන්ම එය මැදපෙරදිග පුළුල් කලාපීය ගැටුමකට තුඩු දිය හැකි අවදානමක්ද මතු කරනු ඇතැයි සීඑන්එන් පුවත් සේවය සඳහන් කළේය.

ඉරානයේ සන්නිවේදන ජාලය බිඳ දමමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක සිටින බවට බුද්ධි තොරතුරු අමෙරිකානු රජයට ලැබී ඇත්තේ එරට හමුදා ක්‍රියාකාරකම් සහ හැසිරීම් සම්බන්ධව පුළුල් නිරීක්ෂණයක නිරතවූ බුද්ධි අංශ නියෝජිතයන්ගෙන් බවද වාර්තා වේ.

Exit mobile version