Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බස් රථවල අමතර උපාංග ඉවත් කිරීම යළි ක්‍රියාත්මකයි

බස් රථවල අමතර උපාංග ඉවත් කිරීම යළිත්

බස් රථවල අමතර උපාංග ඉවත් කිරීම යළිත්

බස් රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් කිරීමේ කටයුතු නැවතත් ජුනි මස පළමු වන දින සිට ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අද දින (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍ය්වරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව නියමිත ප්‍රමිතියට නොමැති බස් රථ හඳුනාගෙන ඒවායේ පවතින අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පසුගිය සමයෙ ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ යටතේ අනවශ්‍ය උපාංග ඉවත් කිරීම සඳහා බස් හිමියන් වෙත මාස තුනක පමණ සැලකිය යුතු කාලසීමාවක් ලබාදීමෙන් අනතුරුව මෙලෙස නැවත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

Exit mobile version