Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අල්ලස් කොමිසමේ අභ්‍යන්තර කටයුතු ඒකක තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර

2025 ගතවූ කාලයට අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්

2025 ගතවූ කාලයට අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්

අභ්‍යන්තර කටයුතු ඒකක තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිස් ස්ථාන හා පළාත් පාලන ආයතනවලද එම ඒකක පිහිටුවීමට නියමිතයි. මේ වනවිට සියලු අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනද ඇතුළුව ආයතන 100ක පමණ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා තිබේ.

අල්ලස හා දූෂණය පිටුදැකීම සඳහා මෙම ඒකක පිහිටුවනු ලැබුවේ ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයකින්.

මේ මගින් යම් ආයතයක පිහිටුවා ඇති අභ්‍යන්තර ඒකකයට අල්ලස දූෂණය වැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකියාව පවතියි.

Exit mobile version