Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය බ්‍රසීල රියෝ බ්‍රැන්කෝ ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට

බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය බ්‍රසීල රියෝ බ්‍රැන්කෝ ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට

බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය බ්‍රසීල රියෝ බ්‍රැන්කෝ ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට

බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය බ්‍රසීල රියෝ බ්‍රැන්කෝ ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය විදේශ අමාත්‍යංශය යටතේ මෙය ක්‍රියාත්මක වෙයි.

එය බ්‍රසීල විදේශ අමාත්‍යංශය යටතේ පවතින රියෝ බ්‍රැන්කෝ ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

රියෝ බ්‍රැන්කෝ ආයතනය දශක 8ක් පුරා රටවල් 57ක රාජ්‍ය තාන්ත්‍රිකයින් පුහුණු කිරීමට දායක වී ඇත.

රටවල් 70කට වැඩි සංඛ්‍යාවක් සමග එය ගිවිසුම් ගතව ඇති අතර මෙම ආයතන දෙක අතර ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීම හා පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙමගින් සිදුකෙරෙනු ඇති අතර අධ්‍යන හා පර්යේෂණ වැඩසටහන් පිළිබඳ තොරතුරු හා අත්දැකීම් හුවමාරුව ද මෙමගින් අපේක්ෂිතය.

Exit mobile version