Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 12ක කුෂ් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් 3න් දෙනෙකු කටුනායක දී අත්අඩංගුවට

කෝටි 12ක කුෂ් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් 3ක් කටුනායක දී අත්අඩංගුවට

කෝටි 12ක කුෂ් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් 3ක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් කෝටි දොළහක් වටිනා ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, විදුලි උපකරණ තුළ සගවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එහි ව්‍යාපාරිකයන් සදහා වන ”රක්ත මාවත“(Red Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු ඊයේ (19) දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනා කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මවක සහ 18 හැවිරිදි දියණිය, සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවන් වේ.

මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන ඒවා වායුසමීකරණ සහ විදුලි ආහාර පිසීමේ උපකරණ 07ක් තුළ මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12ක ප්‍රමාණය, සූක්ෂම ලෙස සගවා ගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ තිබේ.

මෙම කාන්තාවන් තිදෙනා මීට පෙර අවස්ථා ගණනාවකදීම මේ ආකාරයට විදුලි උපකරණ රැගෙන විත් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබූණි.

මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග ඒවා රැගෙන ආ කාන්තාවන් තිදෙනා, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Exit mobile version