Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස්වීම්

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස්වීම්

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස්වීම්

“16වන ජාතික රණවිරු සැමරුමට” සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම් ලබාදී තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, අද (19)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම උසස්වීම් ලබාදී ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256 දෙනෙකුට උසස් වීම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 12 දෙනෙකුට සහ සෙසු නිලයන් 848 දෙනෙකුට උසස් වීම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.

16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් 10,093 දෙනෙකු සඳහාද උසස්වීම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි.

Exit mobile version