Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු.මි 41කට අධික කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

හිටපු ඇමති කෙහෙළියගේ නිවසක සේවය කළ සේවිකාවක් අත්අඩංගුවට

හිටපු ඇමති කෙහෙළියගේ නිවසක සේවය කළ සේවිකාවක් අත්අඩංගුවට

ඉන්දියාවේ නාගපටුනම් වරායේ සිට කන්කසන්තුරයේ වරායට පැමිණි මගී නෞකාවක සිටි ඉන්දීය ජාතිකයෙකු විසින් රැගෙන ආ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කන්කසන්තුරය වරායේ සේවයේ නියුතු රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

අවුරුදු 33ක් වූ මෙම ඉන්දියානු ජාතිකයා විසින් කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 12ක බරකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඇති අතර සැකකරු විසින් එම මත්ද්‍රව්‍ය සිය ගමන්මළු තුළ සූක්ෂමව අසුරා රැගෙන විත් තිබුණි.

මගියා රැගෙන ආ ගමන් මළු සම්බන්ධව සැක සිතූ නිලධාරීන් විසින් එම ගමන් මළු පරීක්ෂා කිරීමේදි ගමන් මළු තුල සකස් කරන ලද ව්‍යාජ ස්ථර තුළ සඟවා සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

රේගු නිලදාරීන් පැවසුවේ සිය නිලදාරීන් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 41.2ක් පමණ වන බවය.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමටද පියවර ගෙන තිබේ.

Exit mobile version