Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බීමතින් රිය පැදවූ පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවයි

කතෝලික පියතුමකුට පහර දුන්නා යැයි අත්අඩංගුවට ගත් පොලිසියේ 6දෙනා රිමාන්ඩ්

කතෝලික පියතුමකුට පහර දුන්නා යැයි අත්අඩංගුවට ගත් පොලිසියේ 6දෙනා රිමාන්ඩ්

බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මඩකලපුව, අයිතමලෙයි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, බීමතින් මෝටර් රථයක් ධාවනය කළ අදාළ පොලිස් නිලධාරියා පසුගිය 16 වැනිදා අම්පාර, කාවන්තිස්ස විද්‍යාලය අසල දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අම්පාර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරක් මත සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුට ලබන 23 වැනිදා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, අදාළ පොලිස් නිලධාරීවරයාගේ සේවය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මඩකලපුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.

Exit mobile version