Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවයි

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවයි

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවයි

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්, ඇතැම් පාර්ශ්ව වෙත පක්ෂග්‍රාහී වීම ඇතුළු චෝදනා කිහිපයක් මතයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ අධිකරණ සේවා කොමිෂන් සභාව චෙම්බරයට සීල් තබා මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවිමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට අධිකරණයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙන අතර සඳුදා (19) දිනයේ පැමිණ සිය පෞද්ගලික දේවල් රැගෙන යාමට පමණක් චානිමා විජේබන්ඩාර මහත්මියට අවසර දී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ සංගමයද මහේස්ත්‍රාත්වරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලිකර තිබු අතර
අදාල පැමිණිල්ල මඟින් කියවුණේ මහේස්ත්‍රාත්වරිය ඇතැම් නීතිඥවරුන් සම්බන්ධයෙන් පක්ෂත්‍රාහීව කටයුතු කරන බවයි.

යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ආච්චිට එරෙහි මැණික් මල්ලේ නඩුව මුල්වර දී විභාගයට ගැනුනේද කඩුවෙල අධිකරණයේ චානිමා විජේබණ්ඩාර මහත්මිය ඉදිරියේයි.

එමෙන්ම ඇය ඉදිරියේ යෝෂිත රාජපක්ෂට එරෙහි CSN නාලිකාව පිළිබඳ නඩුවද විභාග වනවා.

තවද පාර්ලිමේන්තු ගෘහ සේවා අංශයේ කාන්තාවන්ට සිදු වූ අතවර නඩුව විභාග වන්නේද ඇය ඉදිරියේයි.

Exit mobile version