Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් පෙළ වෘත්තීය විෂය ධාරවට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරවට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරවට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවයි.

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතු වනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා දුරකථන අංක 0112 787136/0112 786746 ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතිය හැකියි. වෘත්තීය විෂය ධාරාව යටතේ, 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර, 13 ශ්‍රේණියේ පහතදක්වා ඇති වෘත්තීය විෂයයන්ගෙන් එකක් යටතේ ඇති NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 04වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබෙනු ඇත.

Exit mobile version