Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් අධ්‍යාපන සහයෝගිතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

උසස් අධ්‍යාපන සහයෝගිතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

උසස් අධ්‍යාපන සහයෝගිතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

උසස් අධ්‍යාපන සහයෝගිතාව උදෙසා උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.

ශ්‍රී ලාංකේය උපාධිධාරී සිසුන් සඳහා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව ලබාගැනීම ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව වෙනුවෙන් ගෝලීය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර ප්‍රමුඛස්ථානයක පසුවන සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය (NUS) සහ මෙරට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේදී සිදු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ප්‍රධානී (Provost) මහාචාර්ය ඇරොන් තියැන් විසින් එම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා වෙත භාර දී තිබේ.

මේ අවබෝධතා ගිවිසුමෙන් ශ්‍රී ලාංකේය සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි ඇතුළු පශ්චාත් උපාධි හැදෑරීමටත්, ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීමටත්, ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමටත් අවස්ථා හිමිවේ. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංග නානායක්කාර මහතාගේ මඟපෙන්වීම සහ පූර්ණ කැපවීමෙන් ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවට මේ අවස්ථාව ලබා ගැනීමට හැකිව ඇත‍.

Exit mobile version