Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාලදිවයිනට ශ්‍රී ලංකාවෙන් ඒකදේශීය නොවන ශාක 1000ක ප්‍රදානයක්

මාලදිවයිනට ශ්‍රී ලංකාවෙන් ඒකදේශීය නොවන ශාක 1000ක ප්‍රදානයක්

මාලදිවයිනට ශ්‍රී ලංකාවෙන් ඒකදේශීය නොවන ශාක 1000ක ප්‍රදානයක්

මාලදිවයිනේ ක්‍රියාත්මක කරනු ලබන වනවගා ව්‍යාපෘතියක් සඳහා මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පාරිසරික සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට ප්‍රදානයක් ලෙස ඒකදේශීය නොවන ශාක 1000ක් මාලදිවයින රාජ්‍ය වෙත ප්‍රදානය කිරීම ​සිදු විය.

ඒ අනුව මීට අදාළව සංකේතාත්මකව ශාක කිහිපයක් පිරිනැමීම පරිසර අමාත්‍යංශයේ දී පසුගිය බ්‍රහස්පතින්දා දින (08) සිදුකෙරිණ.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියට අදාළව ඒකදේශීය නොවන ශාක කිහිපයක් සංකේතාත්මකව මෙරට මාලදිවයින් තානාපති කාර්යාලයේ මහ කොමසාරිස් Masood Imad මහතා වෙත ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු අමාත්‍යංශයේ නිළධාරීන්ද සහභාගී විය.

Exit mobile version