උතුරු ගාසා තීරයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 16 දෙනෙකු ඝාතනයට පත්ව තිබෙනවා.
මේ අතර ගාසා තීරයේ රෆාහි ගොඩනැගිල්ලක් පුපුරුවා හැරීමත් සමග ඊශ්‍රායල හමුදා භටයින් කිහිප දෙනෙකු මිය ගොස් හා තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තවත් ඊශ්‍රායල භටයන් රැසක් සිරවී සිටින බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශයේහි දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමේ දී ඊශ්‍රායල හමුදා දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවද වාර්තා වනවා.