Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාස 7කට වෙඩිතැබීම් 79ක්! මරණ 52ක්!

මාස 7කට වෙඩිතැබීම් 79ක්! මරණ 52ක්!

මාස 7කට වෙඩිතැබීම් 79ක්! මරණ 52ක්!

ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ දින (09) පාර්ලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 21වන දින සිට ඉකුත් බ්‍රහස්පතින්දා දින (08) දක්වා වූ කාලය තුළ සිදුව ඇති එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 52ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 35ක් තුවාල ලබා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වෙඩිතැබීම්වලින් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර ඇති අතර, වෙඩිතැබීම් 17ක් අනෙකුත් ඒවා වේ.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 229ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇති අතර, පසුගිය 2022, 2023 සහ 2024 යන කාලය දෙස බැලීමේ දී අපරාධවල කැපීපෙනෙන වර්ධනයක් සිදුව නොමැති බවද පැවසු අමාත්‍යවරයා, කුමන තත්ත්වයක් තුළද අහිමිව යන්නේ මනුස්ස ජීවිතයක් බවද සඳහන් කළේය.

Exit mobile version