Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවට ප්‍රහාර එල්ලකරන්න පාකිස්තානු හමුදාවට නිල වශයෙන් බලය පවරයි

ඉන්දියාවට ප්‍රහාර එල්ලකරන්න පාකිස්තානු හමුදාවට නිල වශයෙන් බලය පවරයි

ඉන්දියාවට ප්‍රහාර එල්ලකරන්න පාකිස්තානු හමුදාවට නිල වශයෙන් බලය පවරයි

ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානු සන්නද්ධ හමුදාවන්ට බලය පවරා ඇති බව එරට අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව, එම වාර්තා පෙන්වා දෙන්නේ මෙමගින් ඉන්දු – පාකිස්තාන යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වන බවට ඉඟි පළකරන බවයි.

එමෙන්ම, පාකිස්තානයේ සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48 ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර, ‘සින්දූර් මෙහෙයුම’ අනුගමනය කරමින් ඉන්දියාව සහ පාකිස්තානය ගුවන් අවකාශ සීමා ක්‍රියාත්මක කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

පාකිස්ථානයට අද දින (07) අලුයම මිසයිල ප්‍රහාර එල්ල කරමින් ඉන්දීය හමුදාව ‘සින්දුර් මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව, එම ප්‍රහාරවලින් අවම වශයෙන් කාන්තාවන් සහ අවුරුදු 3ක් වයසැති ගැහැණු ළමයෙක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව පාකිස්තානය පවසා සිටින අතර ඊට ප්‍රතිප්‍රහාර ලෙස පාකිස්ථානයෙන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර ඉන්දීය ගුවන් යානා 05ක් බිම හෙළූ බවද පාකිස්ථානය සඳහන් කළා.

Exit mobile version