Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවට අමෙරිකාවෙන් ඩො.මි 131ක හමුදා උපකරණ

ඉන්දියාවට අමෙරිකාවෙන් ඩො.මි 131ක හමුදා උපකරණ

ඉන්දියාවට අමෙරිකාවෙන් ඩො.මි 131ක හමුදා උපකරණ

ඉන්දු පැසිෆික් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ඉන්දියාවට ඩොලර් මිලියන 131ක හමුදා උපකරණ අලෙවි කිරීමට අමෙරිකාව අනුමැතිය ලබාදී ඇතැයි එරට ආරක්ෂක සහයෝගිතා ඒජන්සිය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධීතාක්ෂණික සාගර නිරීක්ෂණ මෘදුකාංග, පුහුණුව සහ දෙරට අතර ආරක්ෂක කටයුතු සම්බන්ධ උපාය මාර්ග සබඳතා වර්ධනය කිරීමද ඊට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අමෙරිකානු ඩොලර් මිලියන 131ක ඇස්තමේන්තුගත මුදලකට අදාළ උපකරණ ඉන්දියාවට අලෙවි කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු බවත්, ඒ සඳහා අවශ්‍ය සහතිකය කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති බවත් අමෙරිකානු ආරක්ෂක සහයෝගිතා ඒජන්සිය වැඩිදුරටත් නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ ගනුදෙනුව සිදුවන්නේ සාගර නිරීක්ෂණ මෘදුකාංග ඇතුළු අධිතාක්ෂණික සහාය ඉල්ලා ඉන්දීය රජය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව බවද වාර්තා වේ. එම මෘදුකාංග පුහුණුව සහ විශ්ලේෂණ සහායද ඉන්දියාවට ලබාදීමට අමෙරිකානු ආරක්ෂක සහයෝගිතා ඒජන්සිය කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

Exit mobile version