Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මානුෂීය මෙහෙයුමේදී සොයාගත් රන් භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

රන් මිල ඉහළට

රන් මිල ඉහළට

මානුෂීය මෙහෙයුම අතරතුරදී එල්.ටී.ටී.ඊ ප්‍රදේශවල තිබී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සොයා ගන්නා ලද රන් භාණ්ඩ ආයිතම 10,000ක් පමණ ප්‍රමාණයක් පිළිබදව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තුමෙන්තුව අද (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට කරුණු වර්තා කළේය.

උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම පැවති සමයේ කොටි සංවිධානයේ කඳවුරු, නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැගිලිවලින් සොයාගන්නා ලද මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන රන් භාණ්ඩ යැයි සැලකෙන භාණ්ඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම විමර්ශන සඳහා ඉල්ලා සිටි තවත් නියෝග කිහිපයක්ද නිකුත් කර ඇත.

Exit mobile version