Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමරිකාවේ ප්‍රදර්ශනය කෙරෙන විදෙස් චිත්‍රපට සඳහා ට්‍රම්ප්ගෙන් බදු

ඇමරිකාවේ ප්‍රදර්ශනය කෙරෙන විදෙස් චිත්‍රපට සඳහා ට්‍රම්ප්ගෙන් බදු

ඇමරිකාවේ ප්‍රදර්ශනය කෙරෙන විදෙස් චිත්‍රපට සඳහා ට්‍රම්ප්ගෙන් බදු

ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කෙරෙන සියලු විදෙස් චිත්‍රපට සඳහා සියයට සීයක තීරුබදු පැනවීමක් සිදුකරන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හොලිවුඩය ඉතා වේගවත් මරණයක් කරා ගමන් කරමින් පවතින බැවින් විදෙස් චිත්‍රපට සඳහා පනවා ඇති තීරුබදු ඉහළ දැමීමට පියවර ගන්නා බවට ට්‍රම්ප් පවසා සිටියි.

විදෙස් චිත්‍රපට සමග පවත්නා තරගකාරීත්වය හේතුවෙන් හොලිවුඩය පසුබෑමකට ලක්ව ඇති අතර පසුගිය වසරේ ඔවුන් ලබා ඇති ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 30ක් ලෙසයි එරට මාධ්‍ය වාර්තා කළේ.

විදෙස් රටකදී නිෂ්පාදනය කෙරෙන ඕනෑම චිත්‍රපටයක් සඳහා නව තීරුබදු පැනවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වාණිජ දෙපාර්තමේන්තුවට හා වෙළඳ නියෝජිත ආයතනයට දැනුම් දී තිබේ.

Exit mobile version