Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපති අනුර වියට්නාමයට

ජනපති අනුර වියට්නාමයට

ජනපති අනුර වියට්නාමයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම සමාජවාදී ජනරජයේ රාජ්‍ය සංචාරය ආරම්භ කරයි.

ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ වියට්නාම ජනාධිපති ලුඕං කුඕංගේ මහතාගේ ආරාධනයකට අනුවයි.

සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග නිල සාකච්ඡා පැවැත්විමටද නියමිතයි.

කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්භාවනීය නිලධාරීන්ද හමුවන බවයි විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවසන්නේ.

හෝ චී මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසද ජනාධිපතිවරයා සහභාගී වන අතර එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.

සංචාරය අතරතුර දෙපාර්ශ්වය අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත අතර
ව්‍යාපාරික ප්‍රජාව හමුවන බවත්, අමාත්‍යාංශය සදහන් කරයි

දෙරට අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 55ක් සපිරේ.ඒ අනුව ජනාධිපතිවරයාගේ සංචාරයෙන් ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි විදේශ අමාත්‍යාංශය පවසා සිටින්නේ.

Exit mobile version