Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේ දී

වෙසක් සතියට අදාළව පාසල් සහ අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන චක්‍රලේඛයක්

වෙසක් සතියට අදාළව පාසල් සහ අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන චක්‍රලේඛයක්

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි ශ්‍රී බුද්ධ වර්ෂ 2569 (2025) රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් සතිය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවර එළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.

රාජ්‍ය වෙසක් මහෝත්සවය “කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන තේමාවෙන් පැවැත්වෙන අතර මැයි මස 10 වැනි දින සිට 16 වැනි දින දක්වා සතියක කාලයක් වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Exit mobile version